රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 250,000 ක්

රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 250,000 ක්

by Chathuranga Rajapaksha 12-05-2018 | 7:43 AM
COLOMBO (News 1st) - පුද්ගලයින් දෙලක්ෂ පනස් දහසට අධික පිරිසක් නීති විරෝධීව රජයේ ඉඩම්වල පදිංචිව සිටින බව ඉඩම් ප්‍ර‍තිසංස්කරණ කොමිසන් සභාව පවසයි. එහි විධායක අධ්‍යක්ෂ ප්‍රේමබන්දු රුවන් පතිරණ මහතා සඳහන් කළේ, දීප ව්‍යාප්තව සිදුකළ සමීක්ෂණයකින් මෙම පිරිස හඳුනාගත් බව ය. රත්නපුර, ගාල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්වල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩම්වල අනවසර පදිංචිකරුවන් වැඩි වශයෙන් සිටින බව ද ඔහු පවසයි. වසරේ ගත වූ කාලය තුළ ඉන් තොරාගත් තුන් දහසකට නිත්‍යානුකුල ඔප්පු ලබා දීම සිදුකර ඇති බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පවසයි. ප්‍රේමබන්දු රුවන්පතිරණ මහතා සඳහන් කළේ, නීති විරෝධීව රජයේ ඉඩම්වල පදිංචිව සිටින තවත් පුද්ගලයින් 75,000කට මේ වසරේ නිත්‍යානුකුල හිමිකම ලබාදීමට කටයුතු කරන බව ය.