බස් ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට?

බස් ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතුයි - අශෝක් අබේසිංහ

by Chathuranga Rajapaksha 12-05-2018 | 8:00 AM
COLOMBO (News 1st) - පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ ඉල්ලීමට අනුමැතිය දීම සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල වැඩි වීමෙන් පෞද්ගලික බස් හිමියන්ට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව ය. ඉදිරි සතිය තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දැමිය යුතු බව මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ හා දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් රජය නියාමනය නොකරන බව ය.