පොලිස් නිලධාරීන් 28 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්

පොලිස් නිලධාරීන් 28 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්

by Chathuranga Rajapaksha 12-05-2018 | 10:30 AM
COLOMBO (News 1st) - පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 28 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බව ය. ස්ථාන මාරු ලැබූ පිරිස අතර සහකාරපොලිස් අධිකාරීවරුන් 06 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකු ද වේ. මීට අමතරව පොලිස් පරීක්ෂකවරුන් 15 දෙනෙකුද ස්ථාන මාරුවීම් ලැබූ පිරිසට අයත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.