ග්‍රහලෝකයක් වෙත පරීක්ෂණ සඳහා හෙලිකොප්ටරයක්

පෘථිවියෙන් පිටත ග්‍රහලෝකයක් වෙත පරීක්ෂණ සඳහා පළමු වරට හෙලිකොප්ටර් යානයක්

by Chathuranga Rajapaksha 12-05-2018 | 2:27 PM
COLOMBO (News 1st) - පෘථිවියෙන් පිටත ග්‍රහලෝකයක් වෙත පරීක්ෂණ සඳහා පළමු වරට හෙලිකොප්ටර් යානයක් යැවීමට නාසා ආයතනය සූදානම් වේ. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ අමෙරිකානු අභ්‍යවකාශ ආයතනයක් මගින් 2020 වසරේදී අඟහරු ග්‍රහයා වෙත යැවෙන රෝවර් යානයක් සමගින් එම හෙලිකොප්ටර් යානය යැවීමට සැලසුම් කර ඇති බව ය. ටෙනිස් පන්දුවක් තරම් විශාලත්වයකින් යුත් කිලෝ ග්‍රෑම් 1 දශම 8 ක බරින් යුත් එම හෙලිකොප්ටර් යානය පියවි ලෙස නිර්මාණය කිරීමට වසර 4 ක කාලයක් ගතව ඇති බව ද සඳහන් වේ.