ධීවරයින්ට විමසිලිමත් වන්නැයි උපදෙස්

ධීවරයින්ට විමසිලිමත් වන්නැයි උපදෙස්

by Chathuranga Rajapaksha 12-05-2018 | 2:16 PM
COLOMBO (News 1st) - පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 15 වැනිදා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බව ය. ඒ පිළිබඳ‍ව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.