ජනපති ඉරානයේ සංචාරයක

ජනපති ඉරානයේ සංචාරයක

by Chathuranga Rajapaksha 12-05-2018 | 8:11 AM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව යාමට නියමිත ය. ඒ, ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුමකට අනුවයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරය අතරතුරදී ඉරාන ජනාධිපතිවරයා හමු වී දෙරටේ ආර්ථික සහ වෙළඳ සබඳතා වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.