සයිටම් සිසුන් 980ක් කොතලාවලට

සයිටම් සිසුන් 980ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක්

by Chathuranga Rajapaksha 11-05-2018 | 5:47 PM
COLOMBO (News 1st) - ලබා ඇති සුදුසුකම් ඇගයීමට ලක්කර සයිටම් වෛද්‍ය සිසුන් 980ක පමණ පිරිසක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.