මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලිය

රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

by Staff writer 11-05-2018 | 10:15 AM
(News 1st) - ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග ස්පාඤ්ඤයේදී ඊයේ පැවැත්විණි. එහිදී ලොව අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග තරග කළේ, ආර්ජන්ටිනාවේ දියෙගෝ ශ්වෝස්මන්. තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස නඩාල් ජය ගත්තේ ය. ඔහු දෙවන වටය ජය ගත්තේ, ලකුණු 6ට 4ක් ලෙස ය. ඒ අනුව වට 2ට 0ක් ලෙස නඩාල් තරගය ජය ගත්තේ ය. එම ජයග්‍රහණයත් සමග නඩාල් මැටි සහිත ටෙනිස් පිටියකදී ටෙනිස් තරග වට 50 සීමාව පසු කළේ ය. ඒ අනුව ටෙනිස් තරග වට වැඩි ම සංඛ්‍යාවක් ජය ගනිමින් මීට වසර 34කට පෙර අමෙරිකාවේ ජෝන් මැකින්රෝ පිහිටුවා තිබූ වාර්තාව ද මේ වන විට නඩාල් සතු වේ. මැකින්රෝ එම වාර්තාව පිහිටුවා තිබුණේ, ටෙනිස් තරග වට 49ක් ජය ගනිමිනි.