COLOMBO (News 1st) - UPDATE - අනවසර ඉදිකිරීම් ඉවත් කරනු ලැබූ මිරිස්ස වෙරළ තීරයේ ගින්නක් හටගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ කඩා ඉවත් කරන ලද වෙළඳසැලක එම ගින්න හටගෙන ඇති බව ය.
මාතර, නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු සිදු කරන බව අප වාර්තාකරු පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් 20ක් පමණ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ඉවත් කරනු ලැබිණි.
