මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් ඉවතට

මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් ඉවතට

by Chathuranga Rajapaksha 11-05-2018 | 7:58 PM
COLOMBO (News 1st) - මිරිස්ස වෙරළ තීරයේ හඳුනාගත් අනවසර ඉදිකිරිම් 20ක් පමණ අද ඉවත් කරනු ලැබිණි. ඒ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. අප වාර්තාකරු පැවසුවේ අදාළ ඉදිකිරීම් සිදු කර තිබු පුද්ගලයින්ට මීට පෙර අවස්ථා කිහිපයකදීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලිපි මගින් ඒවා ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී තිබූ බවය. එය නොතකා කටයුතු කිරීම හේතුවෙන් අදාළ ඉදි කිරීම් ඉවත් කිරීමට පියවර ගැනිණි. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ අවස්ථාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග වෙරළ ආරක්ෂක බලකාය, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.