නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු දිවුරුම් දෙයි

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු දිවුරුම් දෙයි

by Chathuranga Rajapaksha 11-05-2018 | 7:11 PM
COLOMBO (News 1st) - නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු අද අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ, උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති උත්සවයකදී ය. ගම්පහ දිසා විනිසුරු ආර්. එස් .එස් සපුවිද, කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර සහ අත්තනගල්ල දිසා විනිසුරු එස්. ඒ. අයි .එස් සුරවීර යන මහත්වරුන් නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවරුම් දුන්නේය. මීට අමතරව කොළඹ අතිරේක දිසා විනිසුරු එම්. පී . එම් අබේරත්න, කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.එම්.එස්.වයි. මාපා බණ්ඩාර සහ වව්නියාව දිසා විනිසුරු එස්. නන්දසේකරන් මහත්මිය ද නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ. හෝමාගම දිසා විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය, මොරටුව දිසා විනිසුරු ඩබ්ලිව්. වයි.එස්. ප්‍රනාන්දු මෙනෙවිය සහ අවිස්සාවේල්ල දිසා විනිසුරු එම්.ජී.ජී. සිරිපාල, ත්‍රිකුණාමලය දිසා විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා යන මහත්වරුන්ද අද දිවුරුම් දුන් නව මහාධිකරණ විනිසුරුවරුන් වේ. හොරණ දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අද අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. සුසෙයිදාසන් මහතා ද නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අද දිවුරුම් දුන්නේය.