කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

by Chathuranga Rajapaksha 11-05-2018 | 10:41 PM
COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේය. ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මැයි මස 26 වනදා සිට ජූනි මස 28 වනදා දක්වා පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා ,ධනංජය ද සිල්වා, හා රොෂේන් සිල්වා ද එම සංචිතයට ඇතුළත් ය. නිරෝෂන් දික්වැල්ල , රංගන හේරත්, දිල්රුවන් පෙරේරා , අකිල ධනංජය , ජෙෆ්රි වැන්ඩසී , ළහිරු ගමගේ , ළහිරු කුමාර හා අසිත ප්‍රනාන්දුද 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබේ. සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන කසුන් රාජිත හා මහේල උඩවත්ත ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තීබීමී විශේෂත්වයකි. ඇන්ජලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් ද මෙම සංචිතයට ඇතුළත් අතර ඔවුන්ගේ අබාධ තත්ත්වය සුව වුවහොත් පමණක් තරගාවලියට සහභාගි කරවා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වේ.