ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වගකිව යුත්තේ කවුරුන් ද?

ලසන්ත ඝාතනය: හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් 2කුට චෝදනා..?

by Sagarika Chathumali 10-05-2018 | 10:11 PM
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පහැර ගැනීම සහ පහරදීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් දෙදෙනෙකුට චෝදනා එල්ල වේ. අද ඩේලිමිරර් පුවත්පත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම්වලට හිටපු යුද හමුදාපතිවරයා වන සරත් ෆොන්සේකා සම්බන්ධ බවයි. ඩේලිමිරර් පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසා ඇත්තේ, රාජපක්ෂ පාලන සමයේදී CID ය උසාවියට වැදගත් තාක්ෂණික සාක්ෂි ඉදිරිපත් කර ඇති බවයි. ඩේලිමිලර් පුවතපත හිටපු ආරක්ෂ ලේකම් උපුටා දක්වමින් පවසා ඇත්තේ අදාළ අපාරාධ පිටුපස ආනිවාර්යයෙන් ම සරත් ෆොන්සේකා මහතා සිටින බවයි. රාජපක්ෂ මහතා පුවත්පතට පවසා ඇත්තේ මෙම සිද්ධිදාමය පිළිබඳව වහා ම පරීක්ෂණ ආරම්භ කර වැරදි කරවන් සොයන ලෙසට බුද්ධි අංශවලට තමන් පවසා සිටි බවයි. පුවත් පතට ගෝඨාභය මහතා පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා මෙම අපරාධය පිටුපස සිටින බවට තමන් දැන සිටි බවයි. එසේ තොරතුරු ලැබුණ ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිවැරදි සාක්ෂි ලබාගෙන මෙම පරීක්ෂණය කරගෙන යාමට තමන් ඉඩ සලසා දුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පතට පවසනා තිබේ. නමුත් මේ පිළිබඳව ක්‍රියාමාර්ග නොගත්තේ මේ පිළිබඳව තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍ය නොවූ නිසා බව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය උපුටා දක්මවින් ඩේලිමිරර් පුවත්පත වාර්තා කර තිබේ. මෙයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා එම පුවත්පතට කියා සිටි ප්‍රකාශයක් ද ඩේලිමිර් පුවත්පත සඳහන් කර තිබේ. පුවතපත හිටපු හමුදාපතිවරයා උපුටා දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ආත්ම ගෞරවයක් තිබෙන පුද්ගලයෙකු නම් ඔහු දන්නා සත්ය කරුණු අපරාධ පරීක්ෂ දේපාර්තමේන්තුවට ලබාදිය යුතු බවත් තමන්ට අභූත චෝදනා එල්ල නොකර යුතු බවත් ය. හිටපු හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේ හිටුපු ආරක්ෂක ලේකම්වරයා චෝදනාවක් එල්ල වුණා ම , ඒ සඳහා නීතීඥයින් ඉදිරිපත් කර බියගුල්ලකු සේ කටයුතු කරන බවයි. තමන්ට එවැනි චෝදනාවක් එල්ලවුණාම තමන් සිංහයෙක් වගේ මුහුණ දෙන බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශය උපුටා දක්වමින් ඩේලිමිරර් පුවත්පත වාර්තා කර තිබේ.