ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

කර්තෘ Sakila Udayakumara

10 May, 2018 | 11:18 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පසුගියදා අත්සන් තැබුණු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශව කිහිපයකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ, මෙම ගිවිසුම හරහා ශ්‍රී ලාංකීය වෘත්තීයවේදීන්ට දැඩි බලපෑමක් සිදුවනු ඇති බව ය.

ඒ අනුව ඊයේ දිනයේ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රී මහතා සඳහන් කළේ ය.