by Staff writer 10-05-2018 | 10:38 AM
COLOMBO (News 1st) - ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් ඇති ප්‍රදේශ රැසක අද සහ හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ බස්නාහිර පළාත, සබරගමුව පළාත සහ මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් එය පැවැත්වෙන බව ය.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17580ක් වාර්තා වී තිබේ.
එය 2017 වසරට සාපේක්ෂව 60%ක පමණ අඩු වීමක් බව ද ඇය සඳහන් කළා ය.
නමුත් පවතින කඩින් කඩ වර්ෂා තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බැවින් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා ය.