UGC ය අසලදී අන්තරේ සිසුන්ට කඳුළු ගෑස්...

UGC ය අසලදී අන්තරේ සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස්...

by Sagarika Chathumali 09-05-2018 | 5:46 PM

COLOMBO (News 1st): අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට ස්ථීර විසඳුමක් ලබා දෙන්නැයි බල කරමින් පැවති මෙම විරෝධතා පා ගමන ආරම්භ වූයේ, කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටිනි. විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ - නුවර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ සිසුන් අනතුරුව පා ගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැමිණියහ. පා ගමනින්න පැමිණි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණීම වැලැක්වීමට පොලීසිය මාර්ග බාදක යොදා කැරලි මර්දන නිලධාරීන් කැඳවා තිබුණි. එහිදී සිසුන් ඉල්ලා සිටියේ තම ප්‍රශ්නය ගැන බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ලබාදෙන ලෙසයි. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීමත් සමග කොමිෂන් සභාවට ඇතුළුවීමට සිසුන් උත්සහා දරා ඇත. එහිදී පොලීසිය අධිවේගී ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිසුන් කලහකාරි ලෙස හැසිරෙමින් මාර්ග අවහිර කරමින් මහජනතාවට බාධා සිදුවන ආකාරයෙන් ක්‍රියා කීරීම තුළ ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත් බවයි. මේ අතර එම උද්ඝෝෂණය මහජනතාවට පීඩාවක් නොවන අයුරින් පවත්වන ලෙසට දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අද පස්වරුවේ නියෝගයක් ද නිකුත් කර තිබුණි. https://www.youtube.com/watch?v=DHp8LJFuYgE