ශ්‍රීලංකන් කළමනාකාරිත්වය තොරතුරුදැනගැනීමේ කොමිසමට

ශ්‍රීලංකන් කළමනාකාරීත්වය තොරතුරු දැනගැනීමේ කොමිසම හමුවට

by Hashini De Mel 09-05-2018 | 10:01 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය හා ගුවන් නියමුවන්ගේ සංගමය අද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් ඊට හේතු දක්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය සමාගමේ පාලනාධිකාරියට පසුගිය වසරේ සිට ඉල්ලීම් ඉදිරිපත් කළේ ය. නමුත් පාලනාධිකාරිය එය දිගින් දිගටම මග හැරීම හේතුවෙන් ගුවන් නියමුවන්ගේ සංගමය මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනූව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය හා ගුවන් නියමුවන්ගේ සංගමයේ සාමාජිකයින් අද කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.