විදුලිබල ඉංජිනේරුවන් තවදුරටත් අකුරට වැඩ

විදුලිබල ඉංජිනේරුවන් තවදුරටත් අකුරට වැඩ

by Staff writer 09-05-2018 | 7:07 AM
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක ය. එහි සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් නොවන බව ය. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා පැවසුවේ, තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් ඉවත් නොවන බව ය. මේ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම අනුමැතිය සඳහා අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ය.