පරිප්පු ආනයන බද්ද ඉහළට

පරිප්පු ආනයන බද්ද ඉහළට

by Hashini De Mel 09-05-2018 | 5:30 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු ආනයන බදු ඉහළ දමා තිබේ.

මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අද සිට ක්‍රියාමක වන නව බදු යටතේ ආනයනය කරන පියළි කළ පරිප්පු කිලෝග්‍රෑම් එකක් මත අය කළ රුපියල් 3.00 ක් වූ බද්ද රුපියල් 12.00 ක් දක්වා රුපියල් 9.00 කින් ඉහළ දමා ඇති බවයි. පියළියෙන නොකළ පරිප්පු කිලෝග්‍රෑම් එකක් මත මෙතෙක් අය කළ රුපියලක බද්ද ද අද සිට රුපියල් 1 ක් 7 දක්වා ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳපොළේ පරිප්පු මිල ගණන් පහළ යාම සැලකිල්ලට ගනිමින් පරිප්පු අනයනයේදී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනය කළ බවයි. ඒ අනුව දේශිය වෙළෙඳපොළේ සිල්ලර මිල ගණන් මේ නව බදු හේතුවෙන් ඉහළ නොයන බව ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. ලෝක වෙළෙඳපොළේ පරිප්පු මිල ගණන් අඩුවී ඇති බවත් එහි වාසිය මෙරට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. අමාත්‍යාංශ සඳහන් කළේ, මේ හේතුවෙන් පරිප්පු කිලෝග්‍රෑම් එකක දැනට පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.