එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ FCID හමුවට

එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ FCID හමුවට

by Hashini De Mel 09-05-2018 | 7:43 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේ ය.

බුද්ධික පතිරණ මහතාගේ පැමිණිල්ලකට අදාල ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇත. එක්සත් ජාතික පක්ෂයේ පා.ම, බුද්ධික පතිරණ,
ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ 2018 මේ වර්ෂයේ ටෙන්ඩරයේ සිදුවෙලා තියෙන බලවත් අක්‍රමිකතා, මේ අවුරුද්දේ ටෙන්ඩරයේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට දීලා ඉවර කරන්න ඕනේ. දැන් අවාසනාව මේ යන්නේ මේ අවුරුද්දේ පස්වෙනි මාසේ ලබන අවුරුද්දේ ලබන මාසේ මේ අවුරුද්දෙන් හරි අඩක් ඉවරයි කියන්න ලැජ්ජයි. ආරක්ෂක අමාත්‍යංශයට නොහැකි වෙලා තියෙනවා 2018 ටෙන්ඩරය අද දවස වෙනකොටත් සම්පුර්ණයෙන්ම දීලා සැපයුම්කරුවන්ට අවසානයක් කරන්න. ගිය අවුරුද්දේ දුන්නු ටෙන්ඩරය 2017 ටෙන්ඩරය පදනම් කරගෙන තමයි අදටත් ආහාර දෙන්නේ. දැන් අපි කියන්නේ අඩුම ටෙන්ඩර් කණුවට දෙන්න කියලා නෙවේ. අඩුම සහ ප්‍රමිතිය කියන දෙකම සලකලා. මේ ටෙන්ඩර් ප්‍රධානය සමහර වෙලාවට අඩුම කෙනාත් නෙවේ අඩුම ඊට අඩු කෙනාත් නෙවේ. හරතවැනි පස්වැනි තැන ඉන්න අයට දීලා තියෙන්නේ. https://www.youtube.com/watch?v=3kXjCjqiUYg