අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත සම්මතයි

අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

by Sagarika Chathumali 09-05-2018 | 7:03 PM
COLOMBO (News 1st)  : අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. පනත් කෙටුම්පත අදාළ පළමු වර කියවීමේ ජන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කළ අතර එහිදී එය ඡන්ද විමසීමකින් තොරව එය සම්මත විය.