එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

by Staff writer 08-05-2018 | 11:55 AM
COLOMBO (News 1st) - 2012 වසරේ සිදු වූ වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එමිල් රන්ජන් සහ නියෝමාල් රංගජීව යන මහත්වරුන් ලබන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙස ය. 2012 වැලිකඩ බන්ධනාගාරයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිරකරුවන් හා සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන මහත්වරුන් පසුගියදා අත්අඩංගුවට ගැනිණි. https://www.youtube.com/watch?v=M-WAud0pJP4