යුග පෙරළිය තවමත් අවසන් නැහැ - ජනපති

යුග පෙරළිය තවමත් අවසන් නැහැ - ජනපති

by Chathuranga Rajapaksha 08-05-2018 | 3:54 PM
COLOMBO (News 1st) - 2015දී තමන් විසින් නායකත්වය දුන් යුග පෙරළිය තවමත් අවසන් වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ආරම්භ කරමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1940314299362152/   රජයක් ලෙස නැගී සිටීමට අපගේ උරුමය හා දේශීයත්වය සියල්ල රැක ගනිමින් දේශපාලන චින්තනය තුළ කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. දුගීබවින් සහ දරිද්‍රතාවයෙන් රට මුදවා ගැනිමට කටයුතු කරන බව ත් ඒ සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමට කළමනාකරණ තීන්දු ගන්නා බව ත් ජනාධිපතිතුමා කියා සිටියේය. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. දේශපාලන පක්ෂ අතර ඇති බල අරගලය සමනය කරගත යුතු බව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ශ්‍රී ලාංකිකයින්ට නැගිය සිටිය හැකි අවසන් අවස්ථාව මෙය බවත් දූෂණය, වංචාව මුලිනුපුටා දැමීම සඳහා සියලු පක්ෂ රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු බව ත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස පෙරට ගෙන ඒමට සියල්ලන්ටම ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරට ත් කියා සිටියේය. අනතුරුව පාර්ලිමේන්තුව හෙට දහවල් 1.00 දක්වා කල් තබනු ලැබිණි. 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය අමතමින් ජනපති කළ සම්පූර්ණ කතාව https://www.facebook.com/NewsfirstSL/videos/1940294466030802/