ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් අතුරුදන්

මන්ත්‍රී පිළිගැනීම් අතරතුර ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් අතුරුදන්

by Hashini De Mel 08-05-2018 | 10:40 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අසළ පැවැති පිළිගැනීමක් අතරතුරදී ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබේ.

ඇමති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පියලාල් දසනායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක දිසාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙම පිළිගැනීම පැවැත්වූයේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් පිළිගැනීම සඳහායි. https://www.facebook.com/NewsfirstSL/videos/1940666932660222/