බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ ලේඛනාගාරයේ ගින්න

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

by Staff writer 08-05-2018 | 12:15 PM
COLOMBO (News 1st) - බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරුට විරුද්ධව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 11ක් ඇති බව ය. පසුගිය 30 වන දා මෙලෙස මෙම ගිනි තැබීම සිදු විය.