හොර ජනාධිපති ⁣ලේකම්ට වැඩ වරදී

ජනාධිපති ලේකම්වරයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයාට වැඩ වරදී

by Hashini De Mel 08-05-2018 | 5:44 PM

COLOMBO (News 1st) - ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනි සිටිමින් රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු ඊයේ රාත්‍රි ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. ඔහු රජයේ විවිධ ආයතනවල නම් භාවිතා කරමින් සහ දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් 10 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත. ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට කරන ලද දැණුම් දීමක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.