උ/පෙළ විභාගයේදී ප්‍රශ්න තෝරා ගැනීමට අමතර කාලයක්

උසස් පෙළ විභාගයේදී සිසුන්ට ප්‍රශ්න තෝරා ගැනීමට අමතර කාලයක්

by Staff writer 08-05-2018 | 8:27 AM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිසුන්ට ප්‍රශ්න තෝරා ගැනීම සඳහා අමතර වේලාවක් වෙන් කර දීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රශ්න තෝරා ගැනීමේදී ළමයින් මුහුණ දෙන ගැටලු මුල් කර ගනිමින් මෙම පියවර ගත් බව ය. මෙය දෙවන කොටස ප්‍රශ්න පත්‍රය සඳහා හඳුන්වා දෙන බවත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළ නොවන බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී මෙම අවස්ථාව සිසුන්ට හිමිවනු ඇති.