උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල ප්‍රහාර

උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල ප්‍රහාර

by Hashini De Mel 08-05-2018 | 3:14 PM

COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද දහවල් කොළඹ ලෝටස් වටරවුම අසළදී ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ මෙම පාගමන ආරම්භ කළේ, කොටුව දුම්රිය ස්ථානය අසළිනි. පොලීසිය පාගමන කොළඹ ලෝටස් වටරවුම අසළදී අවහිර කර ඇත. ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලය දෙසට ගමන් ගැනීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළේ ය. අනතුරුව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් 5 දෙනෙකුට ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වූ අතර එම සාකච්ඡාව අසාර්ථක වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ පැවසුවේ ය. වසරකට 8000 - 10000 ත් අතර උපාධිධාරීන් සංඛ්‍යාවක් මෙරට රැකියා විරහිත ගොන්නට එකතු වේ. 2012 මාර්තු මස 31 යින් පසුව උපාධිධාරීන්ට මේ දක්වා රැකියා ලබාදීමට බලධාරීන් සමත්වී නොවීය. මේ වන විට රට තුළ සිටින රැකියා විරහිත උපාධිධාරින් සංඛ්‍යාව 57,000 කි. https://www.facebook.com/NewsfirstSL/videos/1940496389343943/