ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති

ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරු 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති

by Hashini De Mel 08-05-2018 | 4:00 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කළ, කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවිංශ යන මන්ත්‍රීවරුන් සඳහා විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් පනවා තිබූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන්වල සිටි, ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, වජිර අබේවර්ධන සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ට ඉදිරි පෙළ අසුන් ලැබී තිබීම විශේෂත්වයකි. https://www.facebook.com/NewsfirstSL/videos/1940445852682330/