by Hashini De Mel 08-05-2018 | 8:12 PM
COLOMBO (News 1st) - මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් යෝජනා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත හෙට යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ.
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පත්කර මෙම නඩු කටයුතු විභාග කිරීමට ඉදිරිපත් වූ කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය ප්‍රකාශ කරමින් දැනුම් දුන්නේ, ඇතැම් වගන්ති සඳහා තුනෙන් දෙකක අනුමැතියක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ වාර අවසානවීම හේතුවෙන් මෙම කෙටුම්පත යළි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතු නිසා එය යළි ත් ඊට ඇතුළත් කර තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/1940550909338491/