අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

by Hashini De Mel 08-05-2018 | 3:06 PM

COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය සේවක වෘත්තීය සමිති සන්ධානය පවසයි.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය රියැදුරන්ගේ සංගමය යන ප්‍ර‍ධාන වෘත්තිය සමිති 4 එක් වීමට නියමිත බවයි. වැටුප් විෂමතාවක් ඔවුන්ගේ මෙම වර්ජනයට හේතුවී ඇත.