කබ්රාල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට FCID යට අවසර

අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට FCID යට අවසර

by Hashini De Mel 08-05-2018 | 8:31 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 600 ට අදාල මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටත් ඔහුගේ බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂා කිරීමටත් කොටුව මහේස්ත්‍රාත්වරිය අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසරදී ඇත.

ඒ, එම කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කළ කරුණු දැක්වීම සලකා බලමිනි. අදාළ රුපියල් මිලියන 600 වියදම් කර ඇත්තේ 2018 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ලංසු තැබීමටයි. පසුගිය රජය සමයේ සිදු වූ එම ලංසු තැබීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සඳහා අදාළ මුදල වියදම් කළත් එම ක්‍රීඩා උළෙල ලබාගැනීමට ද නොහැකි වූ බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු දක්වා සිටියේ ය.