by Hashini De Mel 07-05-2018 | 9:09 AM
COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් පදක්කම සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී පිරිනැමුණු රණමයුර සම්මානය සමග ලැබි තිබූ පදක්කම පෙරේදා බස් රථයක තිබී සොයා හමු විය.
ඒ, කඩුවෙල - කොල්ලුපිටිය සුඛෝපභෝගී බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයක දමා ගොස් තිබියදීයි.
බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර කොල්ලුපිටිය පොලිස්ථානයට ලබා දුන් දැනුම්දීමකට අනූව එය සොයා ගෙන ඇත.
ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමුනේ 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී යි.
ඒ, ඔහු සිනමාවට කළ අමිල මෙහෙවර අගයමිනි.