ලෝක රබර් සමුළුව අද රැස් වේ

ලෝක රබර් සමුළුව අද රැස් වේ

by Hashini De Mel 07-05-2018 | 9:25 AM

COLOMBO (News 1st) - ලෝක රබර් සමුළුව අද කොළඹදී ආරම්භ වේ.

ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම සංවිධානය කරන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතායි. රටවල් 36 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවේදී රබර් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත වනු ඇත.