රටවල් 5ක මෙරට තානාපති හා මහකොමසාරිස් ධූර හිස්

රටවල් 5ක මෙරට තානාපති හා මහකොමසාරිස් ධූර හිස්

by Sagarika Chathumali 07-05-2018 | 8:34 PM
COLOMBO (News 1st)  : මාස කිහිපයක සිට ප්‍රධාන පෙළේ රටවල් 5ක ශ්‍රී ලංකා තානාපති හා මහකොමසාරිස් ධූර හිස්ව ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අනුව අමෙරිකා එක්සත් ජනපදය , බ්‍රිතාන්‍ය , රුසියාව , බ්‍රසීලය සහ කෙන්යාව යන රටවල තානාපති හා මහකොමසාරිස් තනතුරු මෙලෙස පුරප්පාඩු වී තිබේ. ශ්‍රී ලංකාවට දේශපාලනික ආර්ථික හා විදේශ කටයුතු අංශවලින් අතිශය වැදගත් රටක් වන අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය මාස 9ක සිට පුරප්පාඩුව පවතී. හිටපු තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත්කිරීමත් සමග එම ධූරය පුරප්පාඩු විය. මහ බ්‍රිතාන්‍ය සැලකෙන්නේ ශ්‍රී ලංකාව සමග දීර්ඝ කාලීන තානාපති සබඳකම් පැවත්වන ඉතා වැදගත් රටක් ලෙසයි. නමුත්,පසුගිය පෙබරවාරි මාසයේ සිට බ්‍රිතාන්‍යෙය් මහකොමසාරිස් තනතුර පුරප්පාඩු වී ඇති අතර එම ධූරයේ අවසන් වරට සේවය කළේ, අමරි විජේවර්ධන මහත්මියයි. පසුගිය මාර්තු මාසයේ සිට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය ද පුරප්පාඩුව පවතී. අවසන් වරට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේ, වෛද්‍ය වෛද්‍ය සමන් වීරසිංහ මහතායි. ඊට අමතරව බ්‍රසීලය හා කෙන්යාව යන රටවල ද ශ්‍රී ලංකා තානාපති ධූර පුරප්පාඩුව පවතී. ලොව මහාබලවතුන් වන අමෙරිකාව රුසියාව මහා බ්‍රිතාන්‍ය යන රටවල් හරහා ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයයි. https://www.youtube.com/watch?v=MWIq3lksmio