ප්‍රධාන දේශපාලන පක්ෂවල කම්කරු දින සැමරුම්

ප්‍රධාන දේශපාලන පක්ෂවල කම්කරු දින සැමරුම්

by Sagarika Chathumali 07-05-2018 | 9:03 PM
COLOMBO (News 1st)  : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම ජාතික සමගියට කම්කරු ජවය යන තේමාව යටතේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඒ, මඩකලපුව වෙන්කලඩි මාවඩිවේම්බුහිදීයි. මැයි දින සැමරුම ආරම්භ කෙරුණේ, සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි. අනතුරුව පක්ෂයේ සභාපති , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයිදින රැළිය සදහා පැමිණියේ ය. පසුගිය දා ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ , දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ සිටින අයුරු දක්නට ලැබිණ. එහෙත් ඔවුහු මැයි දින රැළියට සහභාගී නොවී එම ස්ථානයෙන් පිටත්ව ගියහ. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා මෙම රැළියට එක්ව සිටියේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කම්කරුවන් වෙනුවෙන් කළ සේවය අගයමින් මෙහිදී සම්මානයක් ද පිරිනැමී ය. https://www.youtube.com/watch?v=zc-iimpA4uY මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩංගණයේදී මේ වන විටත් පැවැත්විණ. බදු බරට, පාවාදීමට, බැඳුම්කර කොල්ලයට, මර්දනයට, ජාතික සමිපත් විකිණීමට, එරෙහි වැඩ කරන ජනතා, ඒකාබද්ධ මැයි රැළිය ලෙස මෙය නම් කර තිබිණ. පිරිස පා ගමනින් පැමිණිමෙන් අනතුරුව පස්වරු 3ට පමණ රැස්වීම ආරම්භ විය. https://www.youtube.com/watch?v=Syp6ooonofE ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්විණ. සමාජ සාධාරණත්වය, ජාතිය සමගිය ගොඩගන ජනතාවාදී පාලයක් යන්න තේමා කර ගත් ජතාතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාළිය පස්වරු 1.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. ඊට පක්ෂයේ නායකයින්, විදෙස් නියෝජිතයින්, කලාකරුවන්, වෘත්තිය සමිති නායකයින් , කනිෂ්ඨ සංවිධාන පක්ෂයේ සමාජිකයින් එක්ව සිටියහ. මෙවරත් ජාත්‍යන්තර කම්කරු දින නිර්මානවලින් මෙම පෙළ පාලිය විචිත්‍රවක් කර තිබිණ. https://www.youtube.com/watch?v=GJQbL5XtCzw