පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමතිට වෙඩි ප්‍රහාරයක්

පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමතිට වෙඩි ප්‍රහාරයක්

by Hashini De Mel 07-05-2018 | 7:48 AM

COLOMBO (News 1st) - පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආසන් ඉක්බාල් සන්නද්ධ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පන්ජාබයේ නරෝවාල් නගරයේ පිහිටි සිය ඡන්ද කොට්ටාසයේ රැලියකට සහභාගී වන අවස්ථාවේදී ඔහු එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් වෙඩි පහරින් තුවාල ලැබු ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පකිස්ථාන බලධාරීන් සඳහන් කළේ, මේ වනවිට ප්‍රහාරකයාගෙන් ප්‍රශ්න කෙරෙන අතර ප්‍රහාරයේ අරමුණ මෙතෙක් හෙළි වී නොමැති බවයි. පකිස්ථාන මහ මැතිවරණය ලබන ජුලි 15 වැනි දිනට යෙදී තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.