ප්‍රදේශ රැසකට විදුලි සැපයුම බිඳ වැටේ

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටේ

by Hashini De Mel 06-05-2018 | 4:59 PM

COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ.

විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍ර‍කාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලිය බිඳ වැටී ඇත්නම් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලය දැනුවත් කරන ලෙසයි. කඩිනමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කීරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍ර‍ධාන ඇමතුම් මධ්‍යස්ථානයේ 1987 දුරකතන අංකයටත්, විදුලි බල හා පුනර්ජනණීය බල ශක්ති අමාත්‍යංශයේ 1901 දුරකතන අංකයට හෝ ලංකා විදුලි සමාගම් බල ප්‍රදේශයේ පාරිභෝගිකයකු නම් 1910 යන දුරකතන අංකයන්ට දැනුම් දිය හැකි බව මාධ්‍ය ප්‍ර‍කාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.