"මම මැයි රැළියට යන්නෙ නැහැ" - රංජිත් අළුවිහාරේ

"මම මැයි රැළියට යන්නෙ නැහැ" - එජාප මන්ත්‍රී අළුවිහාරේ කියයි

by Sagarika Chathumali 06-05-2018 | 7:26 AM

COLOMBO (News 1st) : තමන් ඇතුළු කණ්ඩායමක් අද දිනයේ එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

ඊයේ මාතලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේ ය. එහිදී ඔහු පැවසුවේ, ආසන සංවිධායකවරයෙකු සිය ආසනය තෙවරක් පැරදුණ හොත් ඔහුට එම තනතුර අහිමි වන බවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එය අදාළ නොවීම ප්‍රශ්නකාරී බවයි.
"අපිට ආසන සංවිධායක වරයෙක් පැරදුනොත් එහෙම ඒ ආසන සංවිධායක වරයාට අඩුම වශයෙන් තුන් පාරක් පැරදුනොත් ඒ අසන සංවිධායක වරයාගේ තනතැර නැතිවෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය එහෙම වෙලා නෑ. නායකත්වය දිහා බැලුවොත් එහෙම ඒකේ වෙනසක් වෙලා නෑ. එතැන වෙනසක් වෙන්නේ නැතුව අනිත් වෙනසත් වෙලා වැඩක් වෙන්නේ නෑ . මොකද දැන් තියෙන තත්වයෙන් ගියොත් එහෙම අපිට ගම් මට්ටමේ ඡන්දේ නෑ. ඉතින් මෙක දිගටම යන්න බෑ. මම තීරණය කළා. මැයි රැළියට සෙනග ගේන්නෑ, මම සහභාගී වෙන්නේත් නෑ"
මන්ත්‍රීවරයා පැවසුවේ, තමා සමග තවත් කණ්ඩායමක් සිටින බවත් සියලු දෙනා එක්ව ඉදිරියේදි යම් තීරණයක් ගන්නා බව ත් ය.
"මම තනියම නෙවෙයි . අපිට වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ සංඛ්‍ය‍යාව කියන්න මං කැමති නෑ. ඉදිරියෙදී අපි ඒ සියලු දෙනත් එක්කම යම් කිසි තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා"
ඉදිරි මැතිවරණ සඳහා වෙනත් පක්ෂයකින් පුද්ගලයෙකු ඉදිරිපත් කළ හොත් නිසැකවම තමා පක්ෂයෙන් ඉවත් වන බව ද ඔහු අවධාරණය කළේ ය.
"විස්සයි දහනවයයි තියෙන මැතිවරණයට අපි පක්ෂෙන් යම් නිසි විදිහට වෙනත් කෙනෙක් වෙනත් පක්ෂක කෙනෙක් වෙන්න පුළුවන් වෙනත් හයර් කරපු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම ගෙනාවොත් එහෙම අනිවාර්යයෙන් මම තමා පළවෙනියටම මේ පක්ෂයෙන් ඉවත්වෙන පුද්ගලයා කියන එක මම බය නැතුව කියනවා" https://www.youtube.com/watch?v=pB3C4Dy6CVs