සෑම මගියෙකුටම පෙරගෙවුම් කාඩ්පතක්

මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට පියවර

by Hashini De Mel 06-05-2018 | 4:05 PM

COLOMBO (News 1st) - මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක් ව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත පෙරගෙවුම් කාඩ්පත භාවිතයට අවස්ථාව හිමිවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ සම්බන්ධයෙන් කටයුතු විධිමත් කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් ක්‍රියාත්මක බව ද හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.