ද. ආසියා මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාව

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාවට

by Hashini De Mel 06-05-2018 | 8:58 PM

COLOMBO (News 1st) - ඉන්දියාවට වැඩි ගෞරව හිමි කර දෙමින් තෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

ශූරතාවලියේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශූරයින් බවට පත් වූ ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 22 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ඇතුලු මුළු පදක්කම් 50 ක් හිමි කර ගෙන ඇත. විශිෂ්ට දක්ෂතා ප්‍රකට කළ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය පත් වූයේ, රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් ඇතුළුව මුළු පදක්කම් 41 ක් හිමි කර ගනිමිනි. තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ පකිස්ථානයටයි. දිල්ෂි කුමාරසිංහ බාලිකා මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ, නව තරගාවලි වාර්තාවක් පිහිටුවමිනි. ඇය එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 2 යි තත්පර 7 යි දශම 7 යි 3 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ය. මේ අතර පසිඳු කොඩිකාර නව තරගාවලි වර්තාවක් සමගින් මීටර් 400 බාලක කඩුලු පැන දිවීම ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, තත්පර 52.56 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. කාගේත් අවධානය දිනා ගත් මීටර් 200 බාලිකා අවසන් තරගයේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාව දිනා ගත්තේ ය. අමාශා ද සිල්වා රන් පදක්කම දිනා ගත්තේ, ත්ත්පර 24.70 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. මීටර් 400 ය හතර සහය දිවීම බාලක සහ බාලික ඉසව් දෙකම නව තරගාවලි වාර්තා සමගින් රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණ. https://www.facebook.com/NewsfirstSL/videos/1938140292912886/