කොට්ටාවේදී කතක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දැලේ

කොට්ටාවේදී කතක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දැලේ

by Sagarika Chathumali 06-05-2018 | 11:14 AM
COLOMBO (News 1st)  : කොට්ටාව ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්යෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් දිර්ඝ ලෙස කළ විමර්ශනයකින් අනතුරුව පසුගිය වසරේ සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. එම අපරාධය සිදු කිරීම සඳහා භාවිත කළ වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. 33, 37 සහ 35 යන වයස්වල පසුවන සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.