ජනතාවට පීඩා ගෙනෙන දෙහිවල ගල්කිස්ස කාණු පද්ධති

කාණු පද්ධති නිසා පීඩා විඳින දෙහිවල ගල්කිස්ස ජනතාව

by Hashini De Mel 06-05-2018 | 9:56 PM

COLOMBO (News 1st) - දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත් ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ ඇතැම් කාණු පද්ධති හරහා ගලා යන අපද්‍රව්‍ය ගල්කිස්ස වෙරළ තීරය ඔස්සේ මුහුදට එක් වනු ඇත. අප වාර්තාකරු සඳහන් කළේ, විද්‍යාල මාවත, ද සේරම් මාවත, හෝටල් පාර හා හරස් වීදිය ඇතුලු මාර්ග කිහිපයක මෙම තත්ත්වය මතුව ඇති බවයි. https://www.youtube.com/watch?v=MFOyEY0Qck8