මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට පියවර

මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට පියවර

මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට පියවර

කර්තෘ Hashini De Mel

06 May, 2018 | 4:05 pm

COLOMBO (News 1st) – මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක් ව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත පෙරගෙවුම් කාඩ්පත භාවිතයට අවස්ථාව හිමිවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ සම්බන්ධයෙන් කටයුතු විධිමත් කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් ක්‍රියාත්මක බව ද හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.