රාජ්‍ය නර්තන සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

නර්තන ආචාර්යවරුන් දෙදෙනෙක් 'නර්තනතිලක' සම්මානයෙන් පිදුම් ලබති

by Hashini De Mel 05-05-2018 | 12:30 PM

COLOMBO (News 1st) - රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ (04) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විචිත්‍රවත් අන්දමින් පැවැත් විය.

එහිදී නර්තනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ නර්තන ආචාර්යවරුන් දෙදෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන 'නර්තනතිලක' සම්මානය පිරිනැමිණි. එලෙස සම්මානයට පාත්‍ර වූයේ, නර්තන ආචාර්ය එස්. පී. කවිසේන මහතා සහ ප්‍රවීණ නර්තනවේදිනී වසන්ති කුංචිදපාදම් මහත්මියයි. මෙම උළෙලට අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල, රාජ්‍ය නර්තන උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රංජිත් ආරියරත්න කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක් ව සිටියහ.