බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට

බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට

by Staff writer 05-05-2018 | 6:22 PM
COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගය අද ජය ගත්තේ ය. ඒ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමිනි. 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගයේ දෙවන අදියර මහනුවරදී අද පැවැති තරගය ලකුණු 27ට 19ක් ලෙස රාජකීයයන් එම අදියර ජය ගත්තේ ය. දෙපිළ අතර තරගයේ පළමු අදියර පසුගිය 21 වන දා කොළඹදී පැවැති අතර එම අදියර ලකුණු 39ට 7ක් ලෙස ජය ගත්තේ, රාජකීයයන් ය. ඒ අනුව සමස්ත අදියර 2ක අවසානයේදී ලකුණු 66ට 26ක් ලෙස රාජකීය විද්‍යාලය තරගය ජය ගත්තේ ය. රාජකීයයන් බ්‍රැඩ්බි පළිහ දිනූ 33 වන අවස්ථාව මෙය වේ.