ළමාරක්ෂක අධිකාරියේ සංවර්ධන වැඩසටහන් අඩාල වෙයි

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සංවර්ධන වැඩසටහන් අඩාල වෙයි

by Hashini De Mel 05-05-2018 | 11:04 AM

COLOMBO (News 1st) - ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් නොකිරීම හේතුවෙන් එහි ඉදිරි සංවර්ධන වැඩසටහන් අඩාල වී ඇති බව සේවකයින් පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය මස 09 වන දා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය අවසන් වූ බවයි. ඊට පෙර මාස කිහිපයක් විවිධ හේතු මත අධ්‍යක්ෂ මණ්ඩලය රැස් නොවූ බව ද සේවකයින් පැවසූහ. ඔහු පැවසුවේ, අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයින් පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු කරන බවයි. ජනාධිපතිතුමා විසින් ඊට අදාළ පුද්ගලයින් නම් කරනු ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.