ආනයනික අර්තාපල් හා ලොකු ළූණු මිල ඉහළට

ආනයනික අර්තාපල් හා ලොකු ළූණු මිල ඉහළට

by Hashini De Mel 05-05-2018 | 8:03 AM

COLOMBO (News 1st) - ආනයනික අර්තාපල් හා ලොකු ළූණු මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ සඳහා වන ආනයන බදු ඉහළ දැමීමත් සමගයි. ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා වන ආනයන බද්ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමුණි. අප වාර්තාකරු පැවසුවේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 65 - 70 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි.