ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොරගත් රිදී පදක්කම හමුවේ

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොරගත් රිදී පදක්කම හමුවේ

by Hashini De Mel 05-05-2018 | 10:30 AM

COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම බස් රථයක තිබී අද පෙරවරුවේ සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයක තිබී බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර විසින් මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිස්ථානය දැනුවත් කර ඇති බවයි. එම පදක්කම අතුරුදන් වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය අසළ තබා තිබියදී ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි.