ලෙබනන්හි සිටි ලාංකිකයින් 58ක් යළි දිවයිනට

වීසා නොමැතිව ලෙබනන්හි සිටි ලාංකිකයින් 58ක් යළි දිවයිනට

by Chathuranga Rajapaksha 04-05-2018 | 10:12 PM
COLOMBO (News 1st) - වීසා නොමැතිව ලෙබනන්හි සේවය කළ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, මෙම පිරිස අතර ගෘහ සේවයේ නියුතු කාන්තාවන් පිරිසක් ද වන බව ය ලෙබනන් රජය ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය යටතේ එම පිරිස දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.